2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වෙයි.
2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් වූ අතර එය ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 180.9කින් ඉහළ යාමකි .