ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කරයි.
එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කරන්නේ, අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
දිවයින පුරා මෙම වර්ජන ක්‍රියාවලිය දියත් වුණත්, මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක නොවෙන බව, කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කරයි.