රජිනිගේ ‘ජේලර්’ පළමු දින 08 දීම වාර්තා ගත අදායමක්

දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුවන්වන සුප්‍රසිද්ධ නළු රජිනිකාන්ත් නවතම චිත්‍රපටය වන “ජේලර්” පසුගිය 10 වනදා ප්‍රදර්ශනය ආරම්භ කළා.

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වන මෙම චිත්‍රපටය, ප්‍රදර්ශනය අරඹා 08 වන දිනය වන විට ඉන්දීය කෝටි 235.65ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වේ.

මෙම චිත්‍රපටය ඊයේ (17) දිනයේ දී පමණක් ඉන්දියාව තුළ රුපියල් කෝටි 10ක ශුද්ධ ආදායමක් උපයා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරන ලදි.

නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් 200ත් 240ත් අතර පිරිවැයක් දරා ඇති අතරම,එය නිකුත් වීමට පෙර දිනයේ දී සුපිරි නළු රජිනිකාන්ත් අධ්‍යාත්මික නිවාඩුවකට හිමාලය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *