රජයේ නිල ෆේස්බුක් ප්‍රවෘත්ති පිටුව හැක් වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බව මේ වන විට ඔවුන් නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවද රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒ අනුව රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශිලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ද ඔවුන් එම ලිපිය මගින් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *