රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව වෘත්තීය සමිති අද රැස්වෙයි

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේන බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *