රජයට එක් වූ ශ්‍රීලනිපයේ මන්ත්‍රීධූර 09 ගැන තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) පස්වරුවේ පැවැති අවස්ථාවේ රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙසේ අදහස් දක්වන ලදි, “රජයට එකතු වී සිටන මන්ත්‍රීවරුන් 9 දෙනෙක් සිටිනවා අපේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ නිසා රජයට එකතු වී සිටින අය සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත්තා මොන විදියට ද අපි කටයුතු කළ යුත්තේ කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි බොහෝම කාර්යක්ෂමව වේගවත්ව ඉදිරියට යනවා. මේ කාල සීමාව තුළ අපි දකින දේ මේ යුගයට ගැලපෙන ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලයි.”

එම අවස්ථාවේදී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා විසින් මෙසේ අදහස් දක්වන ලදි.

“ජනාධිපතිතුමා විසින් ලියුමක් ඉදිරිපත් කළා මධ්‍යම කාරක සභාවට. එතුමා අපේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබු අමාත්‍ය ධුර ගත් අයගෙන්, ඒ අයගේ ව්‍යවස්ථාව වෙනස් කරාට පස්සේ, අලුත් ව්‍යවස්ථාව ප්‍රකාරව ගත්ත තීන්දුවට. ඒ අයව අත්හිටුවන්න එපා කියලා. එහෙම නැතුව එතුමා ඉදිරියේ දී ඒ අයට විනය පරීක්ෂණ අත්හිටුවන්න කියලා ලියුමක් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරා. එහෙම නැත්නම් දැනුවත් කළා. ඒකට විරුද්ධතාවයක් කවුරුත් පළ කළේ නෑ…”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *