රග්බි ලෝක ශූරතාව හතර වෙනි වතාවටත් දකුණු අප්‍රිකාවට.

ප්‍රංශයේ ඊයේ පැවැති ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු පිල සමත්විය. දකුණු අප්‍රිකානු ක්‍රීඩක හැන්ඩ්‍රේ පොලාර්ඩ් දඬුවම් පහර 4ක් සාර්ථක කර ගනිමින් දැක්වූ දස්කම දකුණු අප්‍රිකාවට ශූරතාවය දිනාගැනීමට . මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ නවසීලන්තයට එරෙහිව ලකුණු 12-11ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය.

ඕල් බ්ලැක්ස් (නවසීලන්ත) පිලේ නායක සෑම් කේන් තරගය ආරම්භයේදීම රතු කාඩ්පතක් ලබා ගත් අතර එය නවසීලන්ත පිලට යම් මට්ටමක බලපෑමක් කරන්නට සමත්වු විචාරක මතය වෙයි. දකුණු අප්‍රිකානු පිල (Springboks) 1995, 2007 සහ 2019 දී ලෝක ශූරථවය දින ගැනීමට සමත්වූ අතර මේ ඔවුන්ගේ හතරවැනි ලෝක කුසළාන ජයග්‍රහණය වෙයි .

අවසාන තරගයට සහභාගීවූ 80,000 ක් ඉක්මවනා ප්‍රේක්ෂ්කයන් අතරේ ටෙනිස් තරු දෙකක්වන රොජර් ෆෙඩරර් සහ නොවැක් ජොකොවික් ඇතුළු ප්‍රකට චරිත ගනනාවක් සිටිබව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *