අධිකරණ තීන්දුවට අවනත නොවූ උලපනේ සුමංගල හිමිට ඇප

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතුව වූයේ නාරාහේන්පිට,දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී, අධිකරණය ලබාදුන් නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීමයි.

එමෙන්ම සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට හා අනෙක් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

එහිදී පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් අධිකරණය කටයුතු සිදුකර තිබුණා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන්ට අවවාද කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!