යුක්‍රේන ජනපති බයිඩන්ගෙන් යුද ආධාර ඉල්ලයි

යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි අමෙරිකානු සංචාරයක නිරත වේ.

ඔහු අද (12) ධවල මන්දිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

සංචාරයට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ආවේගශීලි ආයාචනයක් සිදුකරමින් ප්‍රකාශ කළේ, යුක්‍රේනය සඳහා තවදුරටත් යුද ආධාර අවශ්‍ය බවය.

යුක්‍රේනය සටන් කරන්නේ තම නිදහස සඳහා පමණක් නොව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බව හමුදා නිලධාරීන් පිරිසක් අමතමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට ඩොලර් බිලියන 60ක යුද ආධාර ලබාදීමට කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටිය ද අවස්ථා කිහිපයකදී එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණි
යුක්‍රේන ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී කථානායක මයික් ජොන්සන් හමුවී යුද ආධාර ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!