යල කන්නය සඳහා යුරියා මෙට්‍රික් ටොන් 3800ක් මෙරටට

ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට යළ කන්නයේ භාවිත කිරීම සඳහා යුරියා මෙට්‍රික් ටොන් 3800 ක් මෙරටට ලබාදී තිබේ.

යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙසට එය මෙරටට ලබාදී ඇත අතර එය ලබන සතියේ මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කළේය.

මේ අතර තවත් යුරියා මෙට්‍රික් ටොන් 31000 ක් යළ කන්නයේ භාවිත කිරීම සඳහා මෙරටට ලැබීමට නියමිතව ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *