තුර්කි ඩ්‍රෝන යානයක් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ අනෙකුත් නිලධාරීන් ප්‍රවාහනය කළ හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන ඇති අතර, අනතුරට ලක්විය හැකි ස්ථානයේ තොරතුරු ඉරාන බලධාරීන්ට ලබාදී ඇති බව ඇනඩොලු ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබෙනවා.
තුර්කි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු AFP වෙත සඳහන් කර ඇත්තේ ඉරානය සිය සෙවීම් සඳහා තාක්ෂණික සහාය ඉල්ලා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව ඉරාන බලධාරීන් සඳහන් කර තිබෙනවා.