මේ දිනවල දැනෙනා අධික උණුසුමට හේතුව මෙන්න.

පවතින උණුසුම් කාළගුණ තත්ත්වයෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙස උපදෙස් දී තිබුණද ශ්‍රී ලංකාව උෂ්ණාධික තර්ජනයකට මුහුණ දී නොමැති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි .

“තාප දර්ශකය මගින් උෂ්ණත්වය ඉහළ යාමක් පමණක් පෙන්නුම් නොකරම බවත්. එය ඇත්ත වශයෙන්ම මිනිසුන්ට තාපය දැනෙන මට්ටමට යොමු කරවම බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවෙදනයක දක්වෙයි.

පවතින ෛහළ ආර්ධතා මට්ටම නිසා දහඩිය වායුගෝලයට අවශෝෂණය නොවනා බවත්, එනිසා අපට අපහසුතාවයක් දැනෙනා බවත් එම නිවේදනයේ දැක්වෙයි . ඊට අමතරව දිවයින දෙසට වන සුළං ප්‍රවාහයේ අඩුවීමක් දක්නට ලැබීම නිසාද උණුසුම වැඩියෙන් දැනෙනා බව එම නිවේදනයේ දැක්වෙයි .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලට අනුව ඊයේ පස්වරුව වන විට වැඩිම උෂ්ණත්වය අංශක 37.4 ක් රත්නපුරයෙන් වාර්තා වී ඇත . වව්නියාව, මුලතිව්, පොළොන්නරුව සහ මහ ඉලුප්පලම යන ප්‍රදේශවලින් ද අංශක 33 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. දෙපාර්තමේන්තුවට අනුව සෑම වසරකම මෙම කාලසීමාවේ උෂ්ණත්වය ඉහළ යාම සාමාන්‍යයෙන් තත්ත්වය්කි . මේ වසරේද අප්‍රේල් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!