ආණ්ඩුව බදු ගසන්නේ යැයි චෝදනා එල්ල කළද ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ බදු ගසනවා නොව බදු කළමනාකරණය කිරීම බව කෘෂිකර්ම නියෝජ් ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි. ඔහු මෙ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී අද අයවැය විවාදයට එක්වෙමිනි .
“ආණ්ඩුව බදු ගහනවා කියලා චෝදනා කරනවා. අපි බදු ගහන්නේ නෑ . අපි කරන්නේ බදු කළමනාකරණය කිරීම විතරයි . බදු නොගෙවූ අයගෙන් බදු අය කර ගැනීම් දැන් කරනවා. මෙරට සියලු ජනතාවට බලාපොරොත්තු තැබිය හැකි අයවැයක් ඉදිරිපත් කළා. ඔහු පැවසීය.