මේ අවුරුද්දේ නම් වාහන මිල අඩුවෙන්නේ නෑ.

වාහන ආනායනයේදී පනවා ඇති 50% ක අධිභාරය 2026 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම තීරණයට අදාළව නිකුත් කර ඇති නවතම ගැසට් නිවේදනයට අනුව, පාවිච්චි කරන ලද (Used) මෙන්ම නවීකරණය කරන ලද වාහන සඳහා ද මෙම අධිභාරය එලෙසම බලපැවැත්වේ.

මූල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම බදු පැනවීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ මෙරට වාහන මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් අපේක්ෂා කළ නොහැක. වත්මන් ආර්ථික තත්ත්වයන් සහ විදේශ විනිමය කළමනාකරණය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය කර ඇත.