මෙරට විදෙස් ණය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අද සිය නිල තීරණය ප්‍රකාශයට පත්කරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙළේ මෙරට විදෙස් ණය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අද සිය නිල තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අදාළ රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල මෙහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අමෙරිකාවේ වොෂිංටන් හිදී ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් ඒ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මීට පෙර එකඟතාව පළ කළා අතර ඒ පිළිබද නිල තීරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීමෙන් පසුවයි මෙරටට ලබාදීමට නියමිත ණය වැඩසටහනේ පළමු වාරිකය පවා මුදාහැරිමට තීරණය කළේය.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ පැවසුවේ ලබන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු විදේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට පැමිණීමට අපේක්‍ෂා කරන බවයි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳ අදාළ රටවල් එහිදී අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඊයේ පැවසුවේ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *