මෙටා සමාගමේන් නැවතත් සේවක කප්පාදුවක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගම සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නැවතත් සේවක කප්පාදුවක් සිදුකර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙය 2023 කාර්යක්ෂමතා වසර බවට පත්කිරීමේ අරමුණින් මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් මෙම ක්‍රියාවලිය ආරම්භකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

නවතම සේවක කප්පාදුවෙන් එහි සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවන්ට සහ අනෙකුත් සේවකයින්ට බලපෑම් ඇතිවෙයි.

ඒ යටතේ සේවකයින් 10,000ක් පමණ ඉවත් කිරීමට නියමිතය.මෙම ක්‍රියාවලිය මාස කිහිපයක් පුරාවට සැලසුම් කර තිබේ.එම සමාගම මීට පෙරද සේවකයින් 11,000ක් පමණ ඉවත්කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *