මුදාහළ කන්ටේනර වල තිබුනෙ ආයුධ බවට යුරෝපයෙන් සාක්ෂි.

වරායෙන් මුදා හරින ලද කන්ටේනර් තුළ තිබී ඇත්තේ අවි ආයුධ බවට තමා වගකීමෙන් යුතුව නැවතත් අවධාරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, යුරෝපා සංචාරයකදී එම කරුණට අදාළ තවත් ලේඛන සමූහයක් තමාට ලැබුණු බව ද හෙළි කළේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

”බිමල් ඇමතිතුමා නිදහස් කරපු කන්ටේනර් ගැන මගේ යුරෝපා සංචාරයේදී තවත් ලියකියවිලි හම්බ වුණා. ඒ කන්ටේනර් තුන්සිය විසි තුනේ තිබුණේ අවි ආයුධ තමයි. ඕන නම් මාව සී.අයි.ඩියට ගෙනියන්න. සී.අයි.ඩියට විතරක් නෙවෙයි ඉන්ටපෝල් වුණත් ගෙනියන්න.

කන්ටේනර් වාර්තාව දාන්න කියන්න. පුළුවන්නම් කොමිටිය පත් කරන්න. ඇයි මාව විතරක් ඇද ගන්නේ. මම නැවත කියනවා ඒවායේ තිබ්බේ ආයුධ තමයි. මම වගකීමෙන් කියන්නේ.”