මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම අප්‍රේල් මස 03

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්තාවේදී මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර වසන්ත මුදලිගේ ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිටි වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කර තිබුණි.

එසේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් එම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *