මිහින්තලා හිමිට චන්ද්‍රිකාගෙන් සැර පිළිතුරක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින්, විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිවරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරිය සඳහන් කරන්නේ, මිහින්තලා හිමියන් එල්ල කරන ලද චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බවත්, හිටපු ජනාධිපතිනිය ලෙස ඇයට හිමි විශ්‍රාම වැටුප පමණක් හිමිවන බවයි.

තව ද ඇය වැඩිදුරටත් අදාළ නිවේදනයෙන් සඳහන් කරන්නේ, සිය බැංකු ගිණුමට බැර වන ජනාධිපති විශ්‍රාම වැටුප සමාජ සේවා සඳහා පමණක් භාවිත කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!