මිලියන 17ක මත් ද්‍රව්‍ය සමග මැසිඩෝනියානුවා පොලිස් දැලේ

බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි මැසිඩෝනියානු ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයාගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 350ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 17ක් බවට තක්සේරු කර ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *