මාර්ගගත ක්‍රම ආරක්ෂණ පනත ජනවාරියේ සම්මත කිරීමට යයි

මාර්ගගත ක්‍රම පිළිබඳ ආරක්ෂණ පණත් කෙටුම්පත ජනවාරි 23 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ විවාදයට ගෙන නීතිගත කරන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පවසයි .

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, පනත් කෙටුම්පතේ අවසන් බලගැන්වීමට ඇතුළත් කිරීම සඳහා අමාත්‍යාංශය ගූගල් සහ ෆේස්බුක් වැනි ක්ෂේත්‍ර පාර්ශවකරුවන්ගේ යෙදවුම් අපේක්ෂා කරන බවයි.

මෙම පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූ අතර එහිදී ඊට තීරණය කිරීමේදී සංශෝධන ගණනාවක් යෝජනා කරන ලදි. එම සංශෝදන සඳහා අවශ්‍ය අදහස් සහ මග පෙන්වීම් ලබගැනිමට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තුන් මසක කාලයක් ඉල්ලා සිටි යේය.

කෙසේවෙතත් අන්තර්ජාල ආරක්ෂාව සඳහා එවැනි පනතක් සම්මත කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!