මාරක ළිඳ කඩා වැටී පිරිසක් රෝහලේ

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ දිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක් සහ අවුරුදු 13, 36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සිටිනවා.

මොවුන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!