වයස අවුරුදු 08 ක සිසුවියක් ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වු දකුණු කොරියානු පාසල් ගුරුවරියකට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තවන්ට අනුව ගුරුවරිය විසින් එම සිසුවිය පන්ති කාමරයේ රැඳී සිටියදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත . සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාළ පාසල් ගුරුවරිය සියලු චෝදනාවන්ට වරදකාරිය වීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන් වේ.
අදාළ ගුරුවරිය මානසික සෞඛ්‍ය ප්‍රථිකාර ලබමින් සිටි අයෙකු බවට ද සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.