මා නෙරපන්නට ඡන්දය දෙන්නේ ජනතා ද්‍රෝහීන්

තමන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය ලබා දෙන මන්ත්‍රීවරුන් ජනතා ද්‍රෝහීන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි .

තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නොරුස්සන පිරිසක් තමන් ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ ගන්නා බවත්, ඒ සඳහා ඔවුන් අභූත චෝදනා පත්‍රයක් සකස් කර ඇතැයිද ඔහු පවසයි.

එම චෝදනා පත්‍රයට අත ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන්නේ ඔවුන් බලයට පත් කරන ලද ජනතාවට එරෙහි වීමක් බව ඔහු වැඩි දුරටත් පැවසිය. අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *