මහේස්ත්‍රාත්වරුන් මාරු කරන්නේ පොලිස්පතිගේ කීමට බව නාමල් කියයි

රජය කුමක් කීවත් අධිකරණ අමාත්‍යංශය වැඩියෙන්ම දේශපාලනීකරණය වූයේ වත්මන් ආණ්ඩුව යටතේ බවත්, පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පැමිණිලි මත විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම බරපතල වැරදි පූර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය .

ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ අද (17) පැවති අධිකරණ අමාත්‍යාංශ වැයශිර්ෂය පිළිබඳ කාරක සභා විවාදයට එක් වෙමිනි .

කිසියම් විනිසුරුවරයෙක් වැරදි තීරණයක් ලබාදුන්නේ යයි පැමිණිළිකාර පාර්ශවය ලෙස පොලිසියට හැඟේ නම් ඊට පිළියම වන්නේ විනිසුරුවරයා ස්ථාන මාරු කිරීම නොව ඉහළ අධිකරණයකට ඒ තීන්දුව සම්බන්ධව අභියාචනා කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වාදුන්නේය.

විනය හේතු මත යැයි කියමින් මෙලෙස හදිසියේ සිදුකරනු ලබන ස්ථාන මාරුවීමි නිසා විනිසුරුවරුන්ගේ දරුවන් පවා පාසල්වලට ඇතුළත් කරගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.