රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී අද පෙරවරුවේ විභාගයට ගැණුන අතර එහිදී, ලබන 19 වැනිදා දක්වා ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
කෙසේ වෙතත ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද දහවල් කොළඹ අංක 04 මහාධිකරණයේදී විභාගයට ගැණුන අතර එහිදී ඇයට ඇප ලබාදීමට මහාධිකරණය නියෝග කළේය .
එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පැවසීය.