රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත්කර ඇති බව පවසමින්, ඊට විරෝධය පළකරමින් රතුපස්වල තෙරිපහල සිරිධම්ම නම් භික්ෂුව අද (08) දහවල් තංගල්ලේදී උපවාසයක් ආරම්භ කර තිබේ.
තංගල්ල කාල්ටන් නිවස ආසන්නයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිටදී පස්වරු 1.00 ට පමණ මෙම උපවාසය ආරම්භ කර ඇත .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙන්ම අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ටද ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසත් , රටට සේවය කළ හිටපු රාජ්ය නායකයකුගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් තීරණය පිළිගත නොහැකි බවත්, එය ඔහුගේ ආරක්ෂාවට අවදානමක් ඇතිකරන බවත් මෙම භික්ෂුව ප්රකාශ කර ඇත.