මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවීම අද

මහනුවර ඇසළ පෙරහැරට අදාළව සිව් මහාදේවාලවල කප් සිටුවීම අද (17) සිදුකෙරුණි.

අද පෙරවරු 6.12ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය කළ බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවේය.

කප් සිටුවීමෙන් පසු ලබන 21 දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

සියවස් 3ක දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, ‘කප’ යනු කණුවය. කණුවක් සිටුවා කැපවෙමි යන අර්ථයෙන් “කප් සිටුවීම” නමැති චාරිත්‍රය එදා සිට අද දක්වා නොනැසී පවතී. මහනුවර ඇසළ පෙරහර උදෙසා කප් සිටුවීමට සුදුසු නැකැත් ශ්‍රී දළදා මාලිගාව මඟින් පිළියෙල කර දෙන නමුත්, දළදා මැදුරේ කප් සිටුවීමක් සිදු නොවේ. එය සිදු කරනු ලබන්නේ මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන් විසිනී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *