මහ සිකුරාදා දිනය අදයි

මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද සමරනු ලබයි.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුණුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදි ආගමික වල වතාවත් නිරත වුණි.

ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින ලබන 09 යෙදි තිබේ.

මේ අතර මෙවර පාස්කු සතිය තුළ කිතුණු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *