මරා දැමූ අලියෙක් කැබලිවලට කපා, වළලමින් සිටි අයෙක් පොලිස් අත් අඩංගුවට

මහවැලි සී කළාපයට අයත් සිරිපුර රන් කෙත්ගම ප්‍රදේශයේ නිවසක් පි‍ටුපස මිය ගිය අලියෙකුගේ සිරුරක් කොටස් කර වළදමමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සිරිපුර පොලිසිය පසුගියදා සමත් විය .

පොලිසිය පවසන අන්දමට රන්කෙත්ගම ගමේ ගෙවත්තක අනවසරයෙන් ඇද තිබූ විදුලි ‍රැහැනකට පැටළුණ අලියෙකු පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මිය ගොස් ඇත. එම මිය ගිය අලියා දු‍ටු ගෙහිමියා අලි මරණය වසන් කිරීමට මියගිය අලියාගේ ශරීර ස්වයංක්‍රීය කියතකින් කපා කොටස් වළ දැමීමට කටයුතු කරමින් සිට ඇත.

පොලිසිය පවසන අන්දමට ගෙවත්තේ නිවසට යාබදව වළක් හාරා ඒ තුළට පාද කොටස් දමා ඉතිරි කොටස් දමමින් සිටි අතරතුර විශ්වාස කටයුතු පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව වහාම එම ස්ථානයට ගොස් සැකකරු අත් අඩංගුවට ගැනීමට පොලිසිය ට හැකි වී ඇත.

බණ්ඩාර මුදියන්සේ පොලොන්නරුව.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *