මරණවලට ජනපති – මාලිමා ආණ්ඩුව වගකිව යුතුයි – මාලිමාවේ නගරාධිපතිනියගේ මල්ලී ප්‍රසිද්ධියේම එළියට බසී

ගංවතුර බසිනවාට වඩා වේගයෙන් ආණ්ඩුවේ නොහැකියාව ගැන සමාජයේ කෝපය ඉහළ යමින් තිබේ . ගංවතුරේ ෆොටෝ ශූට් කරන්නට ගිය මාළිමානු මන්ත්‍රීවරුනට උතුර දකුණ මාරුවන්නට විපතටපත් ජනයා සලකා ඇති බව රට සිව් දෙසින් වාර්තා ලැබෙමින් පවතී. එසේ තිබියදී අනුන්ගේ මගුල් ගෙවල්වල කෑම ලෝබ නැතිව බෙදනා නිකමුන් මෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ ප්‍රමුඛ දළදා මාළිගාවේ කාර්ය මණ්ඩළය එක්ව විපතට පත්වුවන්ට පිරිනමන්නට සැකසූ ආහාර පාර්සල් උදුරාගෙන ගොස් බෙදන්නට කන්ද උඩරට මාලිමාවේ නළු බට්ටා කටයුතු කර තිබේ . ආණ්ඩුවේ උපදේශකයෙක් මෙන්ම මාලිමාව ලණුවක් ලෙසින් ජනතාවට ගිල්ලවන්නට බොහෝසේ වෙහෙසුන එක්සත් රාජධානියේ වෙසෙනා උවිඳු කුරුකුළසූරිය ගිලෙන නැවෙන් මීයෙක් සේ කලින්ම ඉවතට පැන ජනාධිපතිවරයාට ”ජාතිය අමතා” ඇත්තේය . මේ සියළු දෙයින් පෙනෙන්නේ ආණ්ඩුවේ බැරි බැරියාවට හතර අතින් වදිනා ආකාරයය.

තත්ත්වය එසේ තිබියදී මහජන ආරක්ෂාව බාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල නායයන ආණ්ඩුවේ ප්‍රතිරූපය රකින්නට හදිසි නීතිය අවියක් කොට ගෙන ඇත්තේය. ජනාධිපති සහ ඔහුගේ කැබිනට්ටුවට අපහාස කරනා එවුන් අල්ලා පස් වසරකට මහ උළුගෙදර යවන්නැයි ඔහු පොලිස් රාළහාමිලාට උපදෙස් දෙන්නට පටන් ගෙන ඇත . එහෙත් ආණ්ඩුවට අපහාස කරනා උන් හිරේ යවනා එකත් දැන් හිතනාතරම් ලේසි නැත. ඒ මේවන විට ජනාධිපතිට සහ ආණ්ඩුවට වැඩියෙන්ම දොස් කියනා පිරිස අතර ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ද සිටිනා බැවිනි .

මේවන විට සිය සමාජ මාධ්‍ය ගිම්ණුමේ සටහන් තබමින් වැස්ස සහ නායයාම් වීසින් කඩමාල්ලක් බවට පත්කළ ආණ්ඩුවේ රෙද්ද කඩා දමන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත්වී ඇත්තේය. ඒ අතර සංඛ්‍ය ලේඛණ සහිතව සැරට ආන්ඩුවට අමතා ඇතිකෙනෙක් ලෙස ක්‍රිස් බල්තසාර් ( Kris Balthazaar ) දක්විය හැක්කේය .ක්‍රිස් බල්තසර් යනු අන් කිසිවෙක් නොව මාලිමාව විසින් නාගරික කොමසාරිස් වරියකගේ සහය ඇතිව මහා ධනයක් වියදම්කර කොළඹ මහ නගර සභාවට පත්කළ නගරාධිපතිනී ව්‍රායි කෙලී බල්තසාර්ගේ බාල සොහොයුරාය. මෙතුවන් ආාණ්ඩුව වෙනුවෙන් අපේක්ෂා සහගතව කටයුතු කළ ඔහු බැරිම තැන ආණ්ඩුවේ අසමත් කම් සහ නොපනත් කම් ගැන සුද්ද සිංහලෙන් සිය ෆෙස් බුක් පිටුවේ ලියා ඇති සටහන මගින් ආණ්ඩුවට ජන ඝාතක චෝදනාව එල්ල කරයි .

ක්‍රිස් බල්තසර් පවසනුයේ ආණ්ඩුවේ තීරණ ගැනීමෙ අසමත්කම නිසා 2000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවය. කොත්මලේ සහ දැදුරු ඔයේ වාන් දොරටු නිසි වේලාවට විවෘතකළේනම් අඩුම වශයෙන් 2000 බේරාගත හැකිව තිබූ බව ඔහු පවසයි . ඒ බව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක්ද පවසූ බව පවසන ක්‍රිස් බල්තසාර් සාමාන්‍ය ක්‍රමවේදය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනා වර්ෂාවෙ තරමට කල් තබා ජලාශවල ධාරිතව අඩුකරනා බව පවසයි . එහෙත් මේ අවස්තාවේ උද්ධච්ච ආණ්ඩුව නිළධාරීන්ට කන් නොදුන් බවත් , එබැවින් මේ මහා විනාශය සිදුවූ බවත් ඔහු පවසයි .

වර්ෂාව සහ නායයාම් රට ගිලගනිමින් තිබියදී ජනාධිපති අන්තිම මොහොත වෙනතුරුම නළු නිළියන් සමග sri lankan day වැඩසටහන ගැන සාකච්චා කරමින් සිටිබවත්, ජනතාවගේ මරලාතෝනිය ඔහුට ඇසුනේ අන්තිම මොහොතේ බවත් ක්‍රිස් බල්තසාර් පවසයි . පිටාර මට්ටමට පිරීගිය ජලාශවල වාන් දොරටු ඇරීම සුනාමියකට සමාන කරනා ඔහු රට තුළ සුනාමියක් මවා මිනිස් ජීවිත විනාශ කිරීමේ පව ගෙඩිය පිටින් ආණ්ඩුවෙ කර මත තියයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමනක් නොව අසල්වැසි ඉන්දියාව පවා දින 12 කට පෙර මේ විපත ගැන ලංකාවට අනතුරු අඟවා තිබූ බව පවසන ඔහු මේ මරණ සහ දේපොළ හානි සඳහා ජනාධිපති ඇතුළු මාලිමා රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතු බව පවසයි. දැන් ඕනනම් පොලිසියට වටගලගේ නියෝගයට අනුව ගොස් කොළඹ නගරාධිපතිනියගේ සොහොයුරා ක්‍රිස් බල්තසාර් හදිසි නීති රෙගුලාසි අනුව අත් අඩංගුවට ගෙන බලුකූඩුවෙ දැමිමට හැක . එහෙත් එය එතරම් පහසු නොවනා බව අප ඉඳුරාම කියන්නෙමු . ඒ හෙට අනිද්දා වන විට මේ මරණ සියල්ලේ වගකීම සමස්ත සමාජය විසින් මාළිමා ආණ්ඩුව සහ ජනාධිපති මත පටවනු ලැබීම වැලකාලාන්නට නොහැකි බැවිනි. ඒ අනුව පොලිසියට වන්නේ සිවිල් සමාජයේ ලොකු කුට්ටියක් බන්ධනාගාර ගත කරන්නටය. එහි බහුතරය මාලිමාව වෙනුවෙන් දේශපාලනයේ යෙදුන සහ ඒ වෙනුවෙන් නොදැනුවත්කම නිසා කඩේ ගිය අයගෙන් සමනවිත වනු ඇත.

ඇවසි අයට ක්‍රිස් බල්තසාර්ගේ සටහන පහත සබැඳිය ඔස්සේ කියවිය හැක . https://www.facebook.com/share/1BfLLdriZj/