මම මොඩ්ලින් වලට ආසයි. ඒත් කතා අහගන්න බයයි.

හොඳට ඉගෙනගෙන අන්තිමේදී ඔටෝමොබයිල් ඉංජිනේරුවරියක් වෙන්න හීන දැකපු තරුණියක් කවදාවත්ම නොහිතපු විදියට අද නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත්. අපේ ජීවිත වලට එන අහඹු අවස්ථා තමයි අපේ ජීවන ගමන වෙනස් කරන්නේ. ඒ කොහොම වුණත් උගත්කමයි රූමත් කමයි දෙකම තියෙන නිරූපණ ක්ෂේත්‍රයට අලුතින්ම පැමිණි සුන්දර යුවතියක් වන නුවනි ලක්මාලි තමයි අද අපේ පිළිසඳරට එක් වුණේ.

  • නුවනි ගැන මුලින්ම අපට පොඩි විස්තරයක් කියන්නකො.

මම පදිංචි වෙලා ඉන්නේ ගම්පහ. අම්මා තාත්තා ඇතුළු මගේ පවුලේ ඔක්කොම හය දෙනයි. දැනට මම automobile ඉංජිනේරු තාක්ෂණය පිලිබද පිළිබඳ උපාධිය හදාරන අතරතුර කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කාර්යස්ථ පුහුණුවේ යෙදෙනවා මාස කීපයක ඉඳන්.

  • නුවනි කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

ඇත්තටම ඒක අහඹු අවස්ථාවක්. මගේ සමීප යාළුවෙක් මට කතා කළා පොටෝශූට් එකක් කරමු කියලා. ඒ වෙද්දි මට ලොකු අදහසක් තිබුණෙ නැහැ. නමුත් දැන් මම විනෝදාංශයක් විදියට මේක කරගෙන යනවා.

  • ඔයාට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මුලින්ම මම නිරූපණ ක්ෂේත්‍රයට එනවට ගෙදර අයගෙන් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ටික දවසක් ගියාම අම්මා කැමති වුණා. අධ්‍යාපන වැඩ වැඩවලට බාධාවක් නොවී වැඩ කරගන්න කියලයි එයාලා කියන්නේ.

  • පොටෝශූට් වලට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේ විවිධ තරඟ වලට සහ රංගනයට අවස්ථාව ලැබුණොත් මොකක්ද ඔබේ ප්‍රතිචාරය.

ඇත්තෙන්ම මම රංගනය ඉගෙන ගෙන නැහැ. චරිතයක් ලැබුණොත් පිටපත බලලා ඒ අවස්ථාවට අනුව තීරණය කරනවා. රංගනය සහ නිරූපණ ක්ෂේත්‍රයේ කියන්නේ ඉගෙනගෙන කරන්න ඕන දේවල්. කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැතුව ක්ෂේත්‍රයට එන එකෙන් වැඩක් නැහැ. රංගනයට වඩා නිරූපණ ක්ෂේත්‍රය ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා. කාලය කළමනාකරණය කරගෙන ඉදිරියේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

  • ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද.

Automobile ඉංජිනේරු තාක්ෂණය හදාරන ශිෂ්‍යාවක් සහ නිරූපණ ශිල්පිනියක් කියන දෙක අතර ලොකු පරස්පරයක් තියෙනවා. නමුත් මම කැමතියි මේ දෙකෙන්ම එකතුවක් නිර්මාණය කරන්න. අධ්‍යාපනයේ අවසානයේදී මම automobile ඉංජිනේරුවරියක් වෙයි. මගේ ඒ දැනුමත් උපයෝගී කරගෙන, කාර්මික පුහුණුව සහ මේ වගේ automobile තාක්ෂණයට ලංකාවේ ගැහැණු ළමයිට තියෙන අවස්ථාව අඩු නිසා ඒ හැමෝම දිරිගන්වන්න මම කැමැතියි. බයික් වලින් සහ විවිධ වාහනවලින් ෆොටෝ ෂූට් කරන්න කැමතියි. ඒ වගේම youtube channel එකක් පටන් ගන්නත් හිතේ තියෙනවා.

  • වැඩිපුරම පිරිමි ළමයි තමයි Automobile ඉංජිනේරු තාක්ෂණවේදය ඉගෙන ගන්නේ. ගැහැණු ළමයෙක් විදිහට මේ තීරණ ගනිද්දී ඔබට හිතුණේ මොනවද?

ගැහැණු ළමයි දුර්වල කරන්නේ සමාජය විසින්මයි. “ඔයාට මේක කරන්න බෑ. ඔයා ගෑනු ළමයෙක්” කියලා ගොඩක් අවස්ථාවලදී ගැහැණු ලමුන් සීමා කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විසිනුත් කාර්මික පැත්තට ගැහැණු ළමයි යන පාර වහලයි තියෙන්නෙ. නමුත් ගැහැනු ළමයි ඒ කිසිම දේකට සීමා වෙන්න ඕනේ නැහැ. එයාලටත් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. මම තනියම හැමදේම කරගන්නවා කියන අභියෝගය තමයි මාව ශක්තිමත් කළේ. මම automobile ඉංජිනේරු තාක්ෂණවේදය ගැන ඉගෙන ගන්න කැමති ගැහැණු ළමයි හැමෝටම ආරාධනා කරනවා.

  • අධ්‍යාපනය හදාරද්දී ඔබට ලැබුණු අභියෝග මොනවද?

ඇත්තෙන්ම කිව්වොත් මම ඉගෙන ඉගෙනගන්න උසස් අධ්‍යාපන ආයතනයේ කාන්තා නියෝජනය බොහොම අඩුයි. උපාධිය සඳහා මම අයදුම් කරද්දි ගොඩක් අය මගෙන් ඇහුවේ ඇයි ඔයා මේක කරන්නේ කියලා ඇහුවා. Boats දාගෙන තද mechanic ඇඳගෙන ගැරේජ් එකක් ඇතුලේ ඉන්න එක ඇත්තටම අමාරුයි.නමුත් ඒ අභියෝගයට මම කැමතියි.

ඒ වගේම තමයි මට නෝට් එකක්වත් ඉල්ලගන්න සීනියර් බැජ් එකේ අක්කලා හිටියේ නැහැ. හැම දෙයක්ම මම තනියම වගේ තමයි කරගන්න ඕන. සීනියර් අක්කලා හිටියත් ඒ ගොල්ලෝ මේ වෙනකොට ලංකාවෙ නැහැ.

  • ඔබ සම්පූර්ණයෙන්ම නිරූපණ ක්ෂේත්‍රයට වලට එන්න බයයි ද?

මුලින්ම මගේ බලාපොරොත්තුව අධ්‍යාපනයෙන් ඉහළට යන එක. ඊට පසුවයි මම මොඩ්ලින් ගැන හිතන්නේ. ඇත්තටම මම මොඩ්ලර් කෙනෙක් කියනවට මගේ ලොකු කැමැත්තක් නැහැ.

  • නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබ හිතන්නේ මොනවද. ?

මොඩ්ලින් කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒකෙ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරියට ඉගෙන ගෙන කරන්න ඕන.

අද කාලේ ගොඩක් වෙලා තියෙන්නේ නිරූපණයට ඇවිල්ලා ගැහැණු ළමයි සමාජයෙන් කතා අහගන්න එක සහ එක එක්කෙනාගෙ භාවිතයන් වෙන එකනේ. ඉතින් මම කැමති නැහැ එහෙම වෙන්න. තමන්ගේ තත්ත්වය තියාගෙන නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන හැම ගැහැනියකටම.

අපි පියුමි හංසමාලි ගැන හිතමු. මම එයා ගැන ලොකුවට දන්නේ නෑ. ඒත් එයා කියන දේවල් ඇත්ත. සමාජය විසින් පියුමිට විවිධ කතා කියනවා.නමුත් එයා දරුවන් හදාවඩා ගෙන අනිත් අයටත් උදව් කරගෙන සතුටෙන් ඉන්නවා.

  • තරුණියක් විදිහට ඔබ ආදරය ගැන මොකද හිතන්නේ.

හැමෝම වගේ මමත් ආදරයට කැමතී. කවුරුහරි මට ආදරය කරනව නම් ඒ ආදරය මගේ ගමනට බාධාවක් නොවිය යුතුයි. මගේ කැමැත්තට ඉඩ දෙන කෙනෙක්ව සහ මාව සීමා නොකරන කෙනෙක් මම තෝරගන්න ඕන.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *