රට බංකොළොත්වී ඖෂධ, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිව ජනතාව පෝළිම්වල මිය යමින් තිබූ යුගය ආද බොහෝ දෙනෙකුට අමතකව යමින් ඇති බව හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකර පැවසීය.
වත්මන් ආණ්ඩුව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහගෙන් පළිගත් ආකාරයටම අද තමාගෙන්ද පළිගන්නට පටන්න්ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය . හිටපු අමාත්‍යවරයා මේ බව පැවසූවේ අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසන් සභාවේ කැඳවීමට අනුව ප්‍රකාශයක් ලබාදීමට එහි පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය .
”අද අල්ලස් කොමිසමෙන් මට කැඳවීමක් කරලා තිබුනා . රටේ ඩොලර් බරපතල හිඟයක් තිබුන අවස්ථාව් රට වැටිච්ච වෙලාවේ රටේ ආර්ථිකය ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතුවෙලා අපි වගකිම බාර ගත්තා. නිකම්ම වගකීම බාර ගත්තා නොවේ ඒ වගකිම ඉෂ්ට කළා. රටේ ඩොලර් සංචිත ටික හදලා නැවතත් මේ රට ජිවත් වෙන්න පුළුවන් රටක් බවට පත්කළා . ඒ වෙලාවේ රටේ ඩොලර් නැතිව, තෙල් ගෑස්, ඖසධ නැතිව මිනිසු පෝළිම්වල හිටියේ. ඒත් දැන් ගොඩක් අයට ඒ කාලේ මතක නෑ.
සාමාන්‍යයෙන් මේ රටේ ලොකුපඩි ගන්න රස්සාවලට යන්න පුලුවන් වෙන්නේ උසස්පෙළ පාස් වෙලා. උපාධිය එහෙම අරගෙන තමයි . එහෙම නැතිව ගමේ සාමාන්‍ය පවුල්වල උසස් පෙළවත් නැති අයට ඒ වගේ ලොකු පඩිවලට රැකියාවලට යන්න බෑ . ඒත් අපි ලංකාව වටේම ගම්වල අපේ අහිංසක දුප්පත් තරුණයෝ ඊශ්‍රායලයට යවන්න කටයුතු කළා ලොකු වැටුප්වලට .
අන්න ඒ ඊශ්‍රායලයට යවන්න කටයුතු කළ එක ප්‍රශ්ණ කරන්න තමයි අද එන්න කියලා තියෙන්නෙ . රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට බේරාගන්න කටයුතු කළ එකට, රටේ ජනතාවගේ ජීවිත බේරාගත්ත එකට එතුමාගෙන් පළිගත්තා. ඊට පස්සේ මගෙන් පළිගන්න පටන් අරන් තියනවා. මං හිතන්නේ මේ වගේ දේවල් රජයේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න කරනවා. සමහර වෙලාවට ප්රසිද්ධියේත් අප්රසිද්ධියේත් ඉන්න සමහර කාන්තාවන්ට අවශ්‍යවෙලා තියනවා අපි වගේ අයගෙන් පළිගන්න. රනිල් වික්‍රමසිංහ අංක එක . ඊට පස්සේ මනූෂ නානායකකර ගෙන් ප්‍රශ්ණ කරන්න . ඊට පස්සේ මොකක් හරි කරදරයක් කරන්න . අපි සූදානම් ඒවාට මුහුන දෙන්න .
අල්ලස් කොමිසමෙන් කැඳවීම කළා ඒ කැඳවීමට අපි ලිපි නිකුත් කරලා අවශ්‍ය විදියට නීතිය හමුවට ගියා. ඒ නීතිය අමුවට ගිහිල්ලා ඊයේ අධිකරණයේදී අද මම මෙතනට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙද්දී, විවෘත අධිකරණයේ ප්‍රකාශ කරලා තියෙද්දී, අපේ නීතීඥ මහත්වරුන් ලිපියක් දීලා වේලාව අහලා තියෙද්දී ඊයේ හවස් වරුවේ මගේ ගෙදරට ගිහින් සෝදිසියකුත් කරලා තියනවා. මගේ බීරිඳ විතරක් ගෙදර ඉන්දිද්දී ගිහින් ගෙදර සෝදිසි කරලා බරපතල තත්ත්වයක් ඇතිකරලා තියනවා. මේ හරහා පැහැදිළිවම පෙනවා මේක ද්වේශ සහගත පළිගැනීමක් කියලා .
අද රටේ තරුණයෝ විදෙස් ගතවෙලා හොඳ පඩියක් අරගෙන ජීවත් වෙනවා. අම්මලා තාත්තලාට බෙහෙත් ටික ගන්න, වාහන ගන්න පුළුවන් වෙලා තියනවා. අපිට ඒකට සතුටුයි . රටේ මිනිස්සු අද හොඳින් ඉන්නවා . අක්රමික තාවයක් වෙලා තියනවන නම් කෙළින්ම ගිහින් පැමිණිල්ලක් දාලා අත් අඩංංගුවට ගන්න පුළුවන් . මේ එහෙම දේවල් නොවේ . කරපු ක්‍රමවේදය වැරදිද අන්න ඒ වගේ එවා තමා මේ හොයන්නේ.
මීට කලින් අපේ නිවරදි බව ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඒත් නීතියේ පරීක්ෂණ වලට නැවත නැවතත් අපිට මුහුණ දෙන්න වෙනවා. අපි ඒ ක්‍රමයට ගරු කරනවා. මොකද අපි 20203 දී අල්ලස් දූෂණ වැලක්විමේ පනත අළුතින් හැදුවේ, ඒ වගේ වැරදි සිද්ධ නොවන්න. වංචා දූෂණ සිදු නොවෙන්න. ඒ පනතට අපි අත ඉස්සුවා. ඒ පනත හැදුවේ දූෂණ වංචා සිදු නොවෙන්න. ඒ වෙනුවෙන් පූර්ණ සහයෝගය දෙන්න අද අපි ඇවිල්ල ඉන්නවා .
මීට පෙර මගේ සහෝදරයාට චෝදනා එල්ල වෙලා තිබුනා. සහෝදරයා වැරදක් කරලා තිබුනා . ඒ සම්බන්ධයෙන් නීතියට අනුකූලව කටයුතු කරලා තිබුනා . ඒ මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන්. මෙතන මුල්‍ය වංචවක් සම්බන්ද කාරනවක් නෑ.
මෙහිදී ප්‍රශ්නයක් යොමුකළ මාධ්‍ය වේදියෙක් ඉහත සඳහන් කළ කාන්තාව කවුරුන්දැයි විමසීය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ පැවසීය .
” මම දක්කා ඊයේත් සමාජ මාධ්‍යවල ගිහින් තියනවා එක්තරා කාන්තාවකට, ප්‍රසිද්ධ නැති එහෙත් ප්‍රබල කාන්තාවකට ඕනවෙලා තියනව මනුෂගෙන් පළිගන්න කියලා. මම දන්නේ නෑ මොකක්ද, කවුද කියලා සමාජ මාධ්‍ය වලා ගිහින් තිබුනේ .”