මත්පැන් වීදුරුවට විෂ දමා ‘සැමියාව මැරූ’ බිරිඳ සහ සොහොයුරා

තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු අද (25) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත සැකකාරියගේ සැමියා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු විෂ ශරීර ගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය වී තිබුණා.

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය තම සැමියාගේ මත්පැන් වීදුරුවට රන් ආලේප කිරීමට යොදා ගන්නා පොරම් නමැති විෂ රසායන ද්‍රව්‍යය දමා ඇතැයි හෙළිවූ බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!