මත්පැන් පානය කර සිටි දුම්රිය රියදුරු ‘අතරමග දුම්රිය නවතා’ යන්න ගිහින්

කොළඹ සිට මහනුවර බලා ඊයේ (30) පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක දුම්රිය නවතා බැස පලා යද්දී මගීහු ලුහු බැඳ ගොස් අල්ලා ගෙන තිබෙනවා.

පසුව සහාය රියදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

දුමිරියේ මගීන්ද කලබලයට පත්ව ඇති අතර රියදුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් බලධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!