මට කැබ් එපා, එකක් අඩුවෙන් ගේන්න ජගත් විතාන ආණ්ඩුවට කියයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසන්නේ 2026 අයවැය යෝජනාව යටතේ තමාට වෙන්කරන ලද කැබ් රථය පිළිගනීමට අදහස් නොකරන බවයි . ඒ අනුව කථා නායක්වරයා වෙත ලිපියක් ලියමින් ඔහු ඉල්ලා සිටිනුයේ තමා වෙනුවෙන් කැබ් රියක් ආනයනය නොකරන ලෙසයි .

තම ඉල්ලීමට ගරු කළහොත් රජයට ආනයනය කිරිමට සිදුවන්නේ වාහන 1,774 ක් පමණක් බව පෙන්වාදෙයි. එසේ නොමැතිව රජය කැබ් රථ 1,775 ක් ආනයනය කිරීමට තීරණය කළහොත් එය රටේ බදු ගෙවන්නන්ට බරපතල අසාධාරණයක් වනු ඇති බවද ඔහු පෙන්වාදෙයි.