බෝට්ටුවක් පෙරලී 49ක් මිය ගිහින් – තවත් 140ක් අතුරුදන් වෙලා

යේමනයට ඔබ්බෙන් මුහුදේ දී දෙසීයකට වැඩි පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 140 ක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන් වනවා.

යේමනයට යෑමටත් එතැන් සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමටත් මෙම පිරිස අරමුණු කරගෙන සිට තිබෙන අතර මුහුදේ පාවෙමින් සිටි 71 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂකයන් සමත් වුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!