ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත් අඩංගුවට.

ඊයේ රාත්‍රියේ මැරීන් ඩ්‍රයිව්හිදී සංචාරකයන් රැගෙන යන බස් රියක සහ මෝටර් රථයක ගැටුන මෝටර් රිය පදව ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් බව වාර්තා වේ. මේවන විට රිය අනතුරක් සිදු කරමින් බීමත්ව රිය පැදවීමේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනය සංචාරක බස් රථයක ගැටීමට පෙර තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමතින් සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුර හේතුවෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *