බැසිල් ඇමරිකානු පුරවැසි බව අත්හරී

හිටපු අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටිනා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ නොරුස්සන කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ මීළඟ ජනධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, ඊට බාධාවක්ව පවතින ඇමරිකානු පුරවැසි බව ඉවත් කර ගැනිමට හිටපු අමාත්‍යවරයා කටයුතු කරමින් සිටිනා බවත් ඔහු පැවසීය.

මෙම අර්බුදයට මුහුණ දෙනු වස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් දිනාගැනීමට කටයුතු අරබා ඇති බවත්, ඊට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුද ඔහු හා එක්වීමට නියමිත බවත් ඔහු ප්‍රකද කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *