බාල ගල් අඟුරු නිසා දිනකට මෙගවොට් 100 ක් අහිමිවන බව හෙළිවෙයි .

මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව පැවසීය .

දත්ත වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, ගල්අඟුරු බලාගාර ත්‍රිත්වයම ක්‍රියාත්මක වන විට මෙගාවොට් 810ක ජනනයක් සිදුවිය යුතු වුවත්, මෙම බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැනට ජනනය කළ හැක්කේ මෙගාවොට් 710 ක උපරිම ධාරිතාවක් පමණක් බවයි.

මේ හේතුවෙන් අහිමි වන මෙගාවොට් 100 ක විදුලි ධාරිතාව පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බව ඔහු පවසයි . වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හේතුවෙන් පාරිභෝගිකයා මත අමතර පිරිවැයක් පටවා අතිබව ඔහු සඳහන් කරයි .