බ්‍රිතාන්‍ය ආර්ථිකයත් දරුණු අතට. IMF කියයි.

මේ වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ලෝකයේ ක්‍රියාකාරී ආර්ථිකයන් අතර නරකම තත්ත්වයට පත්වනු ඇතැයි ජාත්‍යන්ත මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවෙන් අනාවරණය වී ඇත.

ජී 20 රටවල් සැලකීමේදී වැඩිම බලපෑමකට ලක්වන්නේ බ්‍රිතාන්‍යය බවත්, බ්‍රිතාන්‍යයේ ආර්ථිකය මේ වසරේදී හැකිලීමකට ලක්වනු ඇති බවත්, ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව දැක්වෙයි.

ඒ අනුව ආර්ථික වර්ධන වේගය ඍණ වනු ඇති බවට එම වාර්තාවේ දැක්වේ.පුරෝකථනයන්ට අනුව 2023 වසරේදී බ්‍රිතාන්‍යය ආර්ථිකය සියයට බින්දුවයි දශම තුනකින් හැකිලෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *