නිල සංචාරයක් ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් රොඩ්නි ස්ටාමර් ඉන්දියාවට පැමිනෙයි .
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේ සිය පළමු නිළ සංචාරය සනිටුහන් කරමින් එරටට පැමිණි කියර් රොඩ්නි ස්ටාමර් මුම්බායිහී දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇත .
දෙරට අතර ව්‍යාපාරික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර නව වෙළෙඳ ගිවිසුමට අනුව බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා වන තීරුබදු සියයට 15 සිට සියයට 3 දක්වා අඩු කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ.