මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශණයේ කොටසකට දායක වීමට තමාට ද අවස්ථාව හිමි වූ බවත්, එම බහාලුම් කොටසෙහි කිසිදු ගැටලුවක් නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, චන්දන පුංචිහේවා පැවසීය .
අද (26) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අවධාරණය කළේය.
“මේ කන්ටේන 323 කියන එක සම්බන්ධව දෙපාර්තමේන්තුව මට්ටමෙන් සිදු කරන ඒවට කියන්නේ ‘පශ්චාත් නිෂ්කාශන විගණන’ කියලා. සාමාන්‍යයෙන් පශ්චාත් නිෂ්කාශන විගණන කරන්න වෙනමම අපේ අංශයක් තියෙනවා. නමුත් එකපාර කන්ටේනර් 323 ක් ගැන විගණන කරන්න ගියාම ඒක ඒ අංශයට විතරක් කරන්න බැරි නිසා ඒක දැන් අපේ දෙපාර්තමේන්තුවේ තියෙන ව්‍යුහය ඇතුලේ තවත් විවිධ අංශ තියෙනවා මේ විමර්ශන කටයුතු කරන. මම දැනට ශ්‍රී ලංකාර හේතුවේ නිවාරණ අංශය භාර අධ්‍යක්ෂක විදියට කටයුතු කරන එක තමයි මගේ ප්‍රධාන රාජකාරිය.
එතකොට මගේ නිවාරණ අංශයටත් ඒ අදාළ කන්ටේන 323න් කොටසක් බාර දීලා තිබුණා ඔය කියන විමර්ශන කරන්න. ඉතින් අපි ඒ සම්බන්ධව පශ්චාත් නිෂ්කාශන විගණන එහෙම නැත්නම් post clearance audits කියන අපිට භාර දීලා තිබුණු ටික අපි සම්පූර්ණ කරලා, අපි විසින් විගණනය කරපු සමාගම් එකකවත් එහෙම මොකුත් නීති විරෝධී කටයුත්තක් සම්බන්ධ තොරතුරු අපිට හොයාගන්න ලැබුණේ නැහැ. නමුත් අවසාන වාර්තාව නිකුත් කරන්න කන්ටේනර් 323 ගැනම වාර්තා ලැබෙන්න ඕන .” ඔහු පැවසීය .