බස් ගාස්තුව ගොඩක් අඩු වෙයිද ?

අද (01) සිට බස් ගාස්තු සංශෝධනය වන ප්‍රමාණයන් පස්වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී අනාවරණය කිරීමට ගමනාගමන කොමිසම සැලසුම් කර තිබෙනවා.

ගාස්තුව සියයට 5කින් අඩුවන බවට බස් සංගම් ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නේ.

ඊයේ රාත්‍රී සිදුවූ ඉන්ධන මිල සංශෝධනය ද සලකා බලා බස් ගාස්තු සංශෝධනය කිරීමට නියමිතයි.

සෑම වසරකම ජුලි පළමුවනදා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!