බස් ගාස්තු හෙට සිට වැඩිවෙයි . ඒත් බස් වර්ජනයක්.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කරනුයේ නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවය.

වර්තමානයේ ක්‍රියාත්මක වන පසුගිය වසරේ ජූලි මස 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුව බවත්, එය ගණනය කිරීමේදී එම මාසයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289 ක්ව පැවැති බවත් ඔහු පවසයි .

නමුත් ඊයේ දින සිදුවූ ඉන්ධන මිල වැඩිවීමත් සමග රුපියල් 303 සිට 382 දක්වා ඩීසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් 79කින් වැඩිවීමක් බවත් ඔහු පෙන්වාදෙයි . මෙම කාල සීමාව තුළ ලංකා සුදු ඩීසල් මිලෙහි සමස්ත වැඩිවීම රුපියල් 93 ක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි .

ඒ අනුව එම මිල ඉහළ යාම බස්ගාස්තු තීරණය කිරීමේ සූත්‍රයට ගැලපූ විට පවතින බස් ගාස්තුව 10% වඩා වැඩි අගයකික් බස් ගාස්තු වැඩි වීමට මෙය බලපා ඇති බවත් මේ හේතුවෙන් නව බස්ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා යොමු කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් බස් ගාස්තු සංශෝධනය අද දිනය තුළ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හෙට (23) දිනයේ බස් ධාවන කටයුතු වලින් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස් ගාස්තු ඉහළ දැමීම නිළ වශයෙන් ප්‍රකාශයට පත්කරනා තෙක් බස් ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවයි.

හෙට දිනයේ දී අන්තර් පළාත් බස් රථ ද ධාවන කටයුතුවලින් ඉවත් වන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසීය.