බල්ලාට පොල්ලෙන් ගැහුවයි කියා, මිනිහාටත් පොල්ලෙන් ගහලා මරලා

යාබද නිවසේ සුනඛයකු බිරීමේ සිද්ධියක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් පොලු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයකු කරාපිටිය රෝහලේදී ඊයේ (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, තෙලිකඩ ගෝනාපීනුවල පදිංචි 31 හැවිරිදි පුද්ගලයකුයි.

මරණකරු ඉකුත් 29 වැනි දා නිවසට යන අවස්ථාවේ යාබද නිවසේ සුනඛයන් දෙදෙනකු සපා කෑමට බුරාගෙන පැමිණ ඇති අතර එහි දී සුනඛයන් දෙදෙනාට මරණකරු පොල්ලකින් පහර දී තිබෙනවා.

මේ අවස්ථාවේ දී සුනඛයන්ගේ අයිතිකරු හා ඔහුගේ සහෝදරයකු පැමිණ සුනඛයන්ට පහරදුන් පුද්ගලයාට පහරදී ඇති අතර එම අවස්ථාවේ එල්ල වූ පොලු ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා එම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මෙලෙස මියගොඉස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එක ම පවුලේ සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!