බලශක්ති ගැටලුවලට නව විසඳුමක්

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල් සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, පිරිපහදු කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වෙනවා.

නමුත් මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රණයක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක්.

ඒ අනුව අදාළ අංශය පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

පුද්ගලික ආයතන රාශියක් ද ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය සහ බෙදා හැරීම සඳහා සම්බන්ධ වී සිටින බැවින් එම අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම පාරිභෝගිකයින්ගේ, ආයෝජකයන්ගේ හා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම මෙහි අරමුණු වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!