ත්‍රී කුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටිනා බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නම ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් සැකකරුවන් පිරිස ලබන 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය.
ඒ එම නඩුව අද ත්‍රී කුණාමලය අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දීය.
ඒ අනුව ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පුජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන් නැවත බන්ධනාගාරගත කළ හිමිවරු සිවු දෙනා වූහ.
වෙරළ සංරක්ෂණ පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා ඉවත්කර ගැනීම නීතිපතිවරයා සහ ත්‍රිකුණාමලය වරාය පොලිසිය ප්‍රතික්ෂේප කිරීමත් සමග ත්‍රිකුණාමලය මහෙස්ත්රාන්වරයා ඔවුන් නැවතත් රාක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පසුගිය 19 වනදා නියෝග කළේය .