බරපතල සංශෝධන සහිත නව ත්‍රස්ත මර්දන පනත ළඟදීම ගැසට් කරනවා. අලි සබ්රි කියයි.

නව ත්‍රස්ත මර්දන පනත ලබන සතියේ ගැසට් කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි අබ්රි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එම පනතේ දැඩි විවේචනයට ලක් වූ රැඳවුම් කාලය නව සංශෝධන මගින් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වහාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවත් රඳවා තබා ගැනීම අධිකරණයේ අභිමතය පරිදි පමණක් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *