බයිඩ්න්ගේ ආසියානු සංචාරයත් අවලංගු වන ලකුණු

අමෙරිකාවේ ණය ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා එරට ජනාධිපති ජෝ බයිඩන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති අතර සාකච්ඡාවක් පවත්වා තිබේන අතර එහිදී රාජ්‍ය වියදම් සීමා කිරීම පිළිබඳව එකඟතා රැසකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම එකඟතා අතර අමෙරිකානු ජනාධිපතිගේ ආසියානු නිල සංචාරය ද අවලංගු කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

මේ වනවිට බලපැවැත්වෙන ණය ලබා ගැනීමේ සීමාව ඉහළ දැමීම පිළිබඳව නිශ්චිත එකඟතාවයකට නොපැමිණි බවත් මෙම සති අන්තයට පෙර ඒ පිළිබඳව අවසන් තීරණයකට පැම්ණෙන බවත් කතානායක කෙවින් මැකාති සඳහන් කළේය.

එමෙන්ම තමන් කිසිවිටකත් එරට බන්කොලොත්භාවයට පත් කිරීමට කටයුතු නොකරන අතර පවතින ණය ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට තමන් සැලසුම් කරන බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *